Monday, December 3, 2012

http://www.youtube.com/watch?v=2ZX1S5FViIE

88-89න් පස්සේ ශ්‍රේෂ්ඨ අරමුණු තියෙන තරුණයො ඉන්නවද කියල මම දන්නෙ නෑ

88-89න් පස්සේ ශ්‍රේෂ්ඨ අරමුණු තියෙන තරුණයො ඉන්නවද කියල මම දන්නෙ නෑ

ජගත් මනුවර්ණ , ඔබ කව්ද ?
මම වෘත්තියෙන් රංගන ශිල්පියෙක් .හැබැයි ,ලංකාවේ වෘත්තිය රංගන ශිල්පී ලෙස හදුන්වාගන්න අර්ථය තුළ ඉන්න කෙනෙක් නෙවෙයි . ලංකාව ඇතුලෙ Professional Actor කියල කියන්නෙ , ඒගොල්ලො වැඩියෙන් වැඩකරන සහ රගපෑමෙන් ජීවත්වෙන කියන අදහස ඇතිවනේ .
නමුත් ,මම Professionalism කියල විශ්වාස කරන්නෙ වෙන එකක් . ඒ කියන්නේ ඒ සදහා කොච්චර සුදුසු ද සහ ඒ වෘත්තිය සදහා තමුන් කොච්චර වගකීම් සහිතද කියන අර්ථයෙන් යුතුව මම වෘත්තීය රංගන ශිල්පියෙක් .හැබැයි ජීවත්වෙන්න මේක විතරක්ම කරන කෙනෙක් නෙවෙයි .පිටපත් රචකයෙක් , කෙටි චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් ,වේදිකානාට්‍ය රංගන ශිල්පියෙක් ආදීවශයෙන් විවිධ ක්‍ෂෙත‍්‍රවල වැඩකරන සහ කලාවට සම්බන්ධ සියලූම ක්‍ෂෙත‍්‍රයන් ඇසුරු කරන වර්ගයේ කෙනෙක් විදිහට මට මාව හදුන්වන්න පුලූවන් .
කොළඹට එන්නේ මොකටද?
කොළඹට එන්න හේතුවක් විදිහට මම හදාගන්නේ ඒ දවස්වල ටවර් හෝල් රගහල් පදනමේ තිබුණු ද්විවාර්ෂික නාට්‍ය හා රංගකලා ඩිප්ලෝමා පාඨමාලාවයි . ඒකට මම සම්බන්ධ වෙනව .හැබැයි මටම තේරෙන්න ගන්නවා මම කොළඹ එන්න හදාගත්තු හේතුව අන්තිම වැරදි එකක් සහ මම වැරදිම තැනකට ඇවිත් ඉන්නෙ කියල .මොකද ඒ වෙද්දි ඒ නාට්‍ය පාසලේ නොකෙරුනේ නාට්‍ය විතරමයි . අනික් සියල්ල කෙරුන .භක්ති ගීත කිව්ව , පිලිගැනීමේ ගීත කිව්ව ,වෙසක් කූඩු හැදුව ,නූර්ති ගී කිව්ව . ඒ නිසා එතන ඇතිවුනු මත ගැටුම් හේතුවෙන් අවුරුදු එකහමාරකට පස්සෙ පංති තහනම් කරල මාව එළියට දානව .මගේ කොළඹට එන්න හේතුව දිගහැරුනේ ඔය විදිහටයි . එන්නේ නඵවෙක් වෙන්න තියෙන මගේ Egoඑකත් එක්ක . මුළින්ම මම දකින්නේ නඵවෝ , නඵවෝ තමා මගේ ආකර්ශනය දිනාගත් පුද්ගලයො වෙන්නේ.මට මේ වෘත්තියට එන්න පොළඹවන්නේ නඵවා කියන වෘත්තිය . ඒකට තියෙන ඇඵම් කමට තමයි මම කොළඹට එන්නේ.
රංගනය හැදෑරිය යුතුද ?
ඕනෑම විෂයක් අධ්‍යයනය කළ යුතුයි .Academic o non Acadamic ද කියන එක නෙවෙයි ප‍්‍රශ්නය .පෙදරේරු කර්මාන්තයේ මේසන් බාස් කෙනෙකුටත් අධ්‍යයනයක් පුහුණුවක් අවශ්‍යයිනේ .පුරුදුවෙන්න ගෙවල් හදන්න බෑනේ .මුළින් ශිල්පය ඉගෙනගන්න ඕනේ .ශිල්පය ඉගෙනගන්න තමන් ගඩොල් ටිකක් තියාගෙන පැත්තකට වෙලා බිත්ති බැද බැද පුරුදු උනාට කමක් නෑ .හැබැයි ඒවයේ මිනිස්සු පදිංචි කරන්න බෑ .මම කියන්නේ ඒ වගේ හැම විෂයකටම පුහුණුවක් ,හැදෑරීමක් අවශ්‍යයි .
කෙටි චිත‍්‍රපට කුමටද ? කුමක් ස`දහාද ?
කෙටි චිත‍්‍රපට කියන්නෙත් ප‍්‍රකාශන මාධ්‍යක් .හැබැයි ලංකාවේ තාම ඒ තත්වයට දියුණු වෙලාද කියන ප‍්‍රශ්නයක් තියෙනව . බොහෝ තරුණ නිර්මාණකරුවෝ තමන්ගේ ප‍්‍රකාශන නම් කෙටි චිත‍්‍රපට හරහා ගේනව .හැබැයි ඔවුන්ගේ මූළිකම අරමුණ වෙන්නේ ,මගේ පවා මූළික අරමුණ වෙන්නේ චිත‍්‍රපට උළෙලවල් .මොකද කෙටි චිත‍්‍රපට හැදුවට ඒක පෙන්නන්න ලංකාව ඇතුලේ ක‍්‍රමයක් ගොඩනැගිල නෑ , ඒකට අවකාශයක් නිර්මාණය වෙලා නෑ . හොද නිර්මාණ තියෙනව , ඒව හැදෙන්නෙම උළෙලවල් අරමුණු කරගෙන .ඒ වගේම දිගු චිත‍්‍රපටයක් කිරීමේ අරමුණෙන් යුතු බොහෝ දෙනෙක් කෙටි චිත‍්‍රපටවලින් තම ගමන පටන් ගන්නව . මේක හොඳ ප‍්‍රවනතාවක් . මේ දෙක මාධ්‍යන් දෙකක් . නමුත් ලංකාවේ දිගු චිත‍්‍රපට කරන නිර්මාණකරුවෝ බිහිවෙන්න පෙර පුහුණුවක් ලෙස මේ කෙටි චිත‍්‍රපට සේවයක් කරනව .
කෙටි චිත‍්‍රපට කිරීමේ සැබෑ පරමාර්ථය වෙනුවට එය පාලමක් පමණක් කරගන්නව ?
එහෙම තමයි ලංකාව තුළ කෙටි චිත‍්‍රපට කෙරෙන්නේ . මම නම් බොහෝ විට මගේ ප‍්‍රකාශනයන් තුළ මට අවංක දැනෙන මාතෘකා කතා කරනවා .මට නොදැනෙන දේවල් මම කවදාවත් නිර්මාණ තුළට ගෙන එන්නේ නෑ .ඒව මම උළෙලවල් වලට දැම්මට මම මට ඕන දේ ඒවයින් කතා කරනව ,ඒ තුළ දේශපාලනේත් තියෙනව .
සිනමාව ආත්මීය වින්දනය ස`දහා පමණක්ද ?
නෑ ල ඒක රටින් රටට පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනව . සිනමාව කියන්නේ හුදු රසවින්දනය සදහාම වෙන් වූ මාධ්‍යක් නෙවෙයි . දැන් Lolita වගේ නිර්මාණයක් ගත්තහම ඒකේ කතා කරන්නේ විපරීත ලිංගික ආශාවන් සහිත මිනිසෙක් ගැන ,Lolita Cindromeකියන එක Psychology විෂයට එන්නේ Lolita  පොතෙනුත් නෙවෙයි , චිත‍්‍රපටය හැදුනටත් පස්සෙයි . No Manz s land වගේ එකක යුද්ධයේදී මිනිස් ජීවිතවලට ලැබෙන වටිනාකම ගැනත් ල ්‍Hotel Ruwanda වගේ චිත‍්‍රපටයක මතුකරන දේත් ගත්තහම මම හිතනව සිනමාවෙන් වින්දනයට වඩා දෙයක් කරන්න පුඵවන් කියල .
The Dark Fall    මෙකක්ද ?
ඒක දැනට අවුරුදු පහකට හයකට කළින් මම ලියපු තිර පිටපතක් . සෑහෙන කාලයක් මම ඒ පිටපත පෙන්නල ඒකට නිෂ්පාදකයෙක් හොයන්න වෙහෙසුනා ,තැන් තැන්වලට ගියා , මට මේ පිටපත කරන්න සල්ලි ටිකක් දෙන්න කියල ඉල්ලගෙන . ඉතාම අඩු මුදළකින් මම මේ film එක කරන්න උත්සාහ ගත්ත මගේ යාඵවො ටිකකුත් එකතුකරගෙන .කොහෙම හරි ඒ සියලූ උත්සාහයන් අසාර්ථක උනා .පස්සේ මට තේරුනා මේ පිටපත උස්සගෙන ගියාට මේකට මට සල්ලි ලැබෙන්නේ නෑ කියල .මොකද ලංකාවේ සල්ලි වියදම් කරන ගොඩාක් අයට පිටපතක් කියවල film එක කොයි වගේද කියන එක තේරුම් ගන්න බෑ . ඒ නිසා මට සිද්ධ වෙනව මේ filmඑකේ හැඩය ඒගොල්ලන්ට පෙන්නන්න , මෙන්න මේ වගේ එකක් තමයි මම කරන්න යන්නේ කියල ඒ අයට පෙන්නන්න . ඒ වෙද්දි මම හොයාගත්ත දෙයක් තිබ්බා ලෝකයේ සමහරක් අධ්‍යක්‍ෂවරු තමන්ගේ චිත‍්‍රපටය කරන්නට පෙර එහි පූර්ව ප‍්‍රචාරක පටය නිර්මාණය කරන බව .මමත් අත්හදා බැලීමක් විදිහට පූර්ව ප‍්‍රචාරක පටයක්Promo Reel එකක් The Dark fall Trailer එක හැදුව .වෘත්තීය සහ වෘත්තීය නොවන මගේ මිත‍්‍රයෝ ශිල්පීන් රාශියක් ඒකට දායක උනා , මට සහය දුන්න ,කිසිම කෙනෙක් මුදල් අපේක්‍ෂාවෙන් දායකත්වය දුන්නේ නෑ . ඒ අනුව මම නිෂ්පාදකයෙක් හොයමින් ඉන්නව . ඒ අතර දැනට මම මට පුඵවන් විදිහට වෙනත් චිත‍්‍රපටයක් හෙමිහිට දර්ශනයෙන් දර්ශනය රූපගත කරමින් ඉන්නව ග මොකද මට සෙකප හදන්නේ නැතිව ඉන්න බැහැ ල මම කරන වැඬේ ඒක , ඒ නිසා මම එහෙම වැඩකරමින් ඉන්නව .
ඔබ කර්ම චිත‍්‍රපටයේ තිර පිටපත නිර්මාණය සදහා දායක වෙනවා . කර්ම සදහා විවිධ විචාර විවේචන ලැබෙනවා .ඒ පිළිබද ඔබේ අදහස ?
filmඑකක් ප්‍රෙක්‍ෂකයාට වද දිය යුතු නැත යන්න තමයි මගේ විශ්වාසය . මම කර්ම පිටපතට ප‍්‍රසන්න ජයකොඩි සමග දායක වෙනව . කොහෙමත් film එකක් කියන්නේ සියයට සීයක් පිටපත නෙවෙයි . දර්ශන තලයෙදි අධ්‍යක්‍ෂවරයාට එය රිසි පරිදි වෙනස් කරගන්න පුඵවන් . ඒක ඔහුගේ අයිතිය සහ නිදහස වගේම වගකීම වෙන්නත් පුඵවන් . Music , Editing, Sound ආදියෙන් ඒ filmඑක වෙනස් වෙන්න පුඵවන් .ඒ අනුව කර්ම නිෂ්පාදනයෙන් එළියට එනව .චිත‍්‍රපටයට විවධ විචාර ලැබෙනව . අනික ලෝකයේ හැදෙන හැම චිත‍්‍රපටයක්ම අපට බලල තේරුම් ගන්න බැහැ .ඒ සදහා රූප සාක්‍ෂරතාව අවශ්‍යයි . විවේචන තියෙන්න පුඵවන් ,මිනිස්සුන්ට නොතේරෙන්න පුඵවන්, නමුත් පර්යේෂනාත්මක නිර්මාණ තියෙන්නත් පුඵවන් .
කලාකරුවා වෙළද භාණ්ඩයක් ද ?
ඔව් , ලෝකය තුළ මේ වන විට සියලූ දේට වෙළද වටිනාකම් තියෙනවා .ඒ වෙළද වටිනාකම් වලින් තොර කිසිම දේකට මේ වනවිට පැවැත්මක් නැහැ . කලා ශිල්පියෙක් කරන කාර්යකට මූල්‍යම වටිනාකමක් නොලැබුනොත් කොහෙමද ඔහු නඩත්තු වෙන්නෙ කියන ප‍්‍රශ්නය එනව .ඒ නිසා ඒකට නිශ්චිත ඊට අදාල වූ වෙළද වටිනාකමක් හිමිවිය යුතුයි.  මේ තත්වය මගහැරල යන්න අපට බැහැ .හැබැයි ප‍්‍රශ්නේ ඒ අදාල නිශ්චිත වටිනාකමවත් මිනිසුන්ට ලැබෙනවද කියන එකයි . එළියෙ සියල්ල විකිණෙමින් තියෙන මොහොතක කලාකරුවා මෙකටද ලාබෙට කුණු කොල්ළෙට විකිණෙන්නේ . නිර්මාණ කරුවෙක් තුළ තියෙන්නේ සංකේතීය වටිනාකමක් .ඒ සදහා වූ නිශ්චිත වටිනාකමක් අපි හෙයා ගතයුතුයි . අනිවාර්යෙන්ම අපි වෙළද භාණ්ඩ තමයි . අපි එහෙම නොකියාගන්න තාක් කල් අපිව නිකං ගන්නයි එළියෙ බලාගෙන ඉන්නේ ග අපිට වටිනාකමක් නැහැ .අපි එහෙම පාවිච්චි වෙනවාද නැත්නම් හරි අපිව පාවිච්චි කරන්න හැබැයි අපේ නිශ්චිත මිළ අපිට ගෙවන්න කියන තැන මම ඉන්නව .
වත්මන් ලාංකීය තරුණ නිර්මාණ ශිල්පීන් ගේ අරමුණ සහ කි‍්‍රයාව අතර පරස්පරයක් තියෙනව ල ඔවුන් හැමවිට පවතිනSystem එකත් එක්ක අනුගතයි කියල කිව්වොත් ?
මට තියෙන්නේ අසූව දශකයෙන් මෙපිට ඉතිහාසයක් . ඊට පෙර 88-89 න් පස්සේ ශ්‍රේෂ්ඨ අරමුණු සහිතව වැඩකරපු මිනිසුන් තරුණයන් හිටියාද කියන ප‍්‍රශ්නයක් මට තියෙනව .මොකද 88-89 න් පස්සේ අතිවන තරුණ තරුණියෝ 60 000 ක රික්තයක් . එතනින් පස්සේ මම දන්නෙ නෑ ශ්‍රේෂ්ඨ අරමුණු සහිත මිනිස්සු ඉන්නවද කියල .එතනින් කිහිප දෙනෙක් සමහරවිට ඉතිරිවෙලා ඇති . ඊට පස්සේ මගේ ඉතිහාසය තුළ මට හමුවෙන්නේ රියැලිටි වැඩසටහන් වල සින්දු කියන , නටන ,sms ගහන , හින්දි film සිහින ලෝකවල සැරිසරන ,fantesy ලෝකවල ජීවත්වන පිරිසක් . ඔවුන්ට ශ්‍රේෂ්ඨ අරමුණු නැහැ . එහෙම අරමුණු සහිත දෙන්නෙක් තුන්දෙනෙක් හමුවෙලා ඇති ,නමුත් බහුතරයකට තියෙන්නේ ඉතාම පෞද්ගලික ආත්මාර්ථකාමී අරමුණු . මම කොහොමද තැනකට යන්නේ ල,මම කොහෙමද පොරක් වෙන්නේ ,මම කෙහොමද තැනක් හදාගන්නේ කියන අරමුණු මිසක් අපි කොහෙමද අනිකාට තැනක් අරන් දෙන්නේ කියල හිතන මිනිස්සු ඉතාම ටිකයි මට හමුවෙලා තියෙන්නේ . දැන් ඒ තත්වය විශ්වවිදයාල ඇතුලටත් රිංගලා . ඒ තුළත් රියැලිටි ෂෝ . ඒ තුළත් පටු අරමුණු . තනියම ගොඩයන්න තමයි හැමෝම උත්සාහ ගන්නේ .
අජන්ත අලහකෝන් ‘‘ ජනරළ’’

No comments:

Post a Comment